|
Golden
Jubilee - 1966-2016 -
ස්වර්ණ ජයන්තිය |
|
|
50th Anniversary
Celebrations |
|
|
|
|
|
සංගමයේ ස්වර්ණ ජයන්තිය සඳහා වන වැඩසටහන් 2016 වර්ෂයේ
මැද පමණ පැවැත්වීමට තීරණය කර ඇත. වාර්ෂික මහා සභා රැස්වීම
පමණක් 2016 මාර්තු 13 දින පවත්වනු ලැබේ.
|
|
|
|
|
|
1966 වර්ෂයේදී ආරම්භ කළ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ 50වැනි
සංවත්සරය එළැඹෙන
2016 වර්ෂයට යෙදී තිබේ.
|
|
|
|
|
|
සංගමයේ ස්වර්ණ ජයන්තිය අභිමානවත් ලෙස සැමරීමට අපේක්ෂා කරන
විධායක සභාව, ඒ නිමිත්තෙන් 2016 මාර්තු මාසයේදී පහත සඳහන්
වැඩසටහන් මාලාව පැවැත්වීමට
යෝජනා කර තිබේ. |
|
|
|
|
|
Anniversary
Programmes/ සංවත්සර වැඩසටහන් |
|
|
|
|
|
• |
සංවත්සර සම්මන්ත්‍රණය (මාර්තු 2016)
- ‘ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ නව ප්‍රවණතා’
යන තේමාවෙන් ආරාධිත විද්වත් දේශනවලින් සමන්විත
සම්මන්ත්‍රණයක් වන මෙය සාමාජිකයන්ට හා පුරාවිද්‍යා
ෂේත්‍රයට උනන්දුවක් දක්වන පිරිස් සඳහා විවෘතය. |
|
|
• |
ස්වර්ණ ජයන්තී උපහාරය (මාර්තු 2016)
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂය
සඳහා විශිෂ්ට සේවාවක් කළ විද්වතුන් පස් දෙනෙක්
සඳහා සංගමය විසින් පිරිනමන උපහාරයයි.
ජාතික මට්ටමේ කාර්යභාරයක් සිදුකරන ලද පුද්ගලයින්
සඳහා
‘ස්වර්ණජයන්ති
ජාතික සම්මානද’,
විෂය ක්ෂේත්‍රයේ හා සංගමය වෙනුවෙන් කළ සේවය
වෙනුවෙන්
‘ස්වර්ණජයන්ති
සම්මානද’
පිරිනැමේ. |
|
|
• |
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා විශේෂ කලාපය
(මාර්තු 2016)
- ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා ශාස්ත්‍රීය
සඟරාවේ විශේෂ කලාපයක් 2016 මාර්තු මාසයේදී නිකුත්
කිරීමටද නියමිතය. |
|
|
• |
සංවත්සර රචනා තරඟය (සැප්තැම්බර්-දෙසැම්බර් 2015)
- පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම මාතෘකා
කරගනිමින් පාසල් සිසුන් වෙනුවෙන් වන රචනා තරඟයකි.
ඒ යටතේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ යන කාණ්ඩ යටතේ රචනා තරඟ
පැවැත්වේ. |
|
|
• |
මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම
(මාර්තු 2016)
- සංගමයේ 50 වන සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් හා
මුල්දින කවරයක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු
සූදානම් කරමින් තිබේ. |
|
|
|
|
|
|
|
|
|
ඔබේ දායකත්වය අපි අගය කරමු |
|
|
|
|
|
ඉහත වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම රඳා පවතින්නේ
මේ සඳහා
අවශ්‍ය වෙතැයි ගණන් බලා ඇති
රු. 500,000ක් වන
ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම මතය. සංගමයේ සාමාජිකයින් වන ඔබටද
සංගමයේ ස්වර්ණ ජයන්තිය සඳහා මූල්‍යමය දායකත්වයක් ලබාදීමට
අවස්ථාව සලසා ඇත. ඒ සඳහා පහත ක්‍රම අතරින් ඔබට පහසු ක්‍රමය
යොදාගත හැකිය. |
|
|
|
|
|
You Can
Donate/ ඔබේ ආධාරය |
|
|
|
|
|
1. |
සංගමයේ රැස්වීමකදී ඔබ කැමැති මුදලක්, මුදලින් හෝ
චෙක්පතක් මගින්, ගරු භාණ්ඩාගාරික වෙත පරිත්‍යාග
කිරීම |
2. |
මහජන බැංකුවේ අංක
014-1-001-1-0112875
දරණ
Archaeological Society of Sri Lanka
නමින් ඇති ගිණුමට ඔබගේ පරිත්‍යාගය බැර කර, එම
බැරපතේ පිටපතක් ගරු භාණ්ඩාගාරික වෙත ලැබීමට
සැලැස්වීම (කරුණාකර ඔබ සතුවද පිටපතක් තබාගන්න) |
|
|
|
|
|
|
මේ සෑම පරිත්‍යාගයක් සමගම
2015 සැප්.-දෙසැ. පුවත්හසුන සමග එවා ඇති හා
මෙතැනින් බාගත කළ හැකි
එම
ලිපියේ ඇති
ආකෘති පත්‍රය පුරවා
භාණ්ඩාගාරික වෙත
ලබාදෙන්න. |
|
|
|
|
|
මේ
සෑම පරිත්‍යාගයක් සඳහාම ලදුපතක් නිකුත්කරනු ලබන අතර,
පරිත්‍යාගශීලීන්ගේ නම් පුවත්හසුනේ සඳහන් කරනු ලැබේ. |
|
|
|
|